Wednesday, 23 May 2018

ලාංකික මාධ්‍ය ආක්‍රමණය





"අනුන්ගේ දෑ අපේ කරගැනීමට ලාංකිකයෝ දක්ශයෝ වෙති" අතිතයේ සිට ම මෙම අනුකරණය වාදී ගුණයෙන් සුපෝෂී වූ ලාංකිකයෝ ඉන්දිය ගැති බටහිරකරණයට අනුව හැඩගැසුනු සංසංස්කෘතික රටාවක් කර පින්නා ගෙන නිර්මාණ කරණයේ යෙදෙති...විදේශීය වූ නිර්මාණයන් උර මත තබාගනිමින් අපේ අනන්‍යතාවය මොට කරන්නා වූ ටෙලිවිෂන් සංස්කෘතියක විප්ලවිය ආගමනය මධ්‍යය ආක්‍රමණය කර අති බැව් පැහැදිලි වේ...අතිත නිර්මාණකරණයන් දෙස බැලූ විට එම නිර්මාණයේ පවතින්නා වූ අපේ කම, අපේ ආභාශය අර්ථාන්විත භාවය ,බොරු ආටෝප වලින් තොර  නිර්මාණයන් දක්නට ලැබීම විශේෂ වූ ලක්ෂණයකි...ස්වදේශීය නිර්මාණයක් නම් කිසිදු විදේශීය ලක්ෂණයන් එහි අන්තර් ගත නොවිය යුතුය....මෙවැනි විවධාකාර වූ සංස්කෘතික රටාවන් අරෝපණය වීමට ලංකාවේ පිහිටිමද එක් හේතු සාධකයකි...වර්තමානය වන විට ඉන්දියානුකරණයට බටහිරකරණයට වහල් වූ ජනමාධ්‍ය සංස්කෘතියක් බිහිවී ඇති බව පැහැදිලි වේ...රූප පෙට්ටියේ ලාංකික නිර්මාණයන් නොමැති තරම්‍ ය..බැලු බැලු හැම අත විදේශීය ටෙලි වෲතාන්තයන්ය ....එහි කිසිදු අර්ථාන්විත බවක් අන්තර් ගත නොවිය...නැරඹීමෙන් ගත යුත්තක් ද නොමැත..නමුදු වැදගත්කමක් සහිත නිර්මාණයන් ද අතරින් පතර විකාශය වේ විටෙක අප සිටින්නේ වෙනම රටක යන්නද සැකයක් මතු වේ. එයට හේතූන් වනුයේ වැඩි වශයෙන්  පවතින්නේ ඉන්දියානු ,කොරියානු නිර්මාණයන්ය..එහෙත් අප සුවිසල් ඉඩ කඩක් වෙන් කර දිය යුත්තේ ලාංකීක ස්වදේශීය නිර්මාණයන් හට නොවේද?? අලුත් පරපුර සම්බන්ද  කරගනිමින්  ස්වදේශීය නිර්මාණයන් නව මානයන් ඔස්සේ ඉදිරිපත් කිරිමට සහයෝගය ලබා දිය යුතුය...ඒ සදහා ඔවුන් දිරිගැන්විය යුතුය...ඉන්දිය ටෙලි සංස්කෘතිය සියලු නාලිකාවන් ගිල ගන ඇති බව පැහැදිලි වේ... යම් සීමාවක් සහිතව විකාශය කල යුතුය...ප්‍රධාන වශයෙන් ඉඩ හසර වෙන් වි ඇත්තේ ලාංකිය නිර්මාණයන් ට නොව විදේශීය නිර්මාණයන් ටය....මෙම තත්වයෙහි වෙනසක් සිදු විය යු‍තුය...

 වර්තමානයට වන විට මෙම විදේශී ය නිර්මාණය න් බොහෝ ප්‍රසිද්ධ ත් වයක් උසුලන බවත් ලාංකික ප්‍රෙක්ෂකයා එම නිර්මාණය න් වැලද ගමින් ප්‍රතිචාර ප්‍රතිපෝෂණයන් ලබා දේ..ඇතැම් නිර්මාණයන් අවුරුදු දෙක තුන විකාශය වන්නේ මන්ද කියා නොවැටහේ...එතරම් කාලයක් බොලද ටෙලි නිර්මාණය න් කෙරෙහි මාධ්‍ය ඉඩ හසර වෙන් කිරිම කනගාටුවට ලක් විය යුතු කාරණය කි.විදේශිය ගැති නොවී ලාංකික තරුණ නිර්මාණය ශිල්පීන් ගේ නිර්මාණ කුසලතා එලි දැක් වීම මාධ්‍යන් මගින් ඉටු කල යුතු යුතුකමක් සහ වගකිමක් බව මාධ්‍යන් වටහා ගත යුතුය...  වර්තමාන වන විට ලාංකික කාන්තාවන් මෙම නිර්මාණය  න් කෙරෙහි බොහෝ සේ ඇලුම් කරන බවත් ටෙලි නිර්මාණය න් සමග හුදකලා වීමෙන් ඔවුන් ගෙන් ඉටු විය යුතු වගකීම් පවා අමතක වී යයි.අන්‍ය සංස්කෘතික විශේෂාංග යන් ආරෝපණය කර ගනිමින් ඇදුම් විලාසිතාවන් පවා අනුකරණය කරන අතර ආහාර රටාවන් පවා වෙනස් කර ගනී  මෙම මාධ්‍ය ආක්‍රමණයන් අතිතයේ සිනමා කර්මාන්තය ට පවා බලපෑම් කර ඇති බැව් පැහැදිලි වේ..අතිත ඇතැම් සිනමා නිර්මාණයන් කෙරෙහි දකුණු ඉන්දීය ලක්ෂණ අනුගමනය කරමින් ඉන්දිය ආභාශය සදහා මුල් තැනක් ලබා දී ඇත.වර්තමාන යේ ද එම තත්වය එසේමය මෙය ලංකිකයන්ගේ පවතින දුර්වලතා වයක් ලෙස කිව හැක. අපගේ ඇතැම් සිනමා නිර්මාණයන් දකුණු ඉන්දිය සිනමා නිර්මාණයන් ට හා සමානව එම නිර්මාණයන් හි ලාංකික කොපිය නිර්මාණය කරමින් උජාරුවය ප්‍රෙක්ෂකයා හට ලබා දෙන අතර ඒ සදහා පාදක කරගන්නා සංගීත නිර්මාණයන් දා දකුණු ඉන්දිය හින්දි ආභාශය න් ගනී.අපගේ සිනමා කර්මාන්තය පුලුල් ලෙස බිද වැටමට පාදක වන්නා එක් හේතු සාධකයකි..අපගේ ස්වදේශීකත් වය මුල් කරගනිමින් ලාංකීක අන්‍යනතාවය ඉස්මතු වන අයුරින් නිර්මාණ එළි දැක්විය නොහැක් කේ මන්ද ?මෙය ප්‍රශ්නාර්ථය කි..එමෙන්ම කුඩා දරුවන්ගේ කාටූන් නිර්මාණයන් පවා ගෙන එන්නේ ඉන්දියාවෙන් ය වෙනත් රටවල් වලින්‍ ය.එම කාටූන් තුල අන්තර් ගත වී ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා යතාර්ථයෙන් ඔබ්බට ගිය මායකාරී වූ කිසිදු අවවාදයක් ක් ලබා නොදෙන සංදේශ යන්ය..


බටහිරකරණයට ඉන්දියානුකරණයට හසු නොවී ලාංකික නිර්මාණයන් කෙරෙහි, තරුණ පරපුරෙහි නව අදහස් සදහා ඉඩක් ලබා දෙමින් බොලද නිර්මාණයන් හි නිමාවක් උදා කර දිමට ජනමාධ්‍ය වග බලා ගත යුතුය.මෙම විදේශීය නිර්මාණ රැල්ල ස්වදේශීය නිර්මාණය රැල්ලක් බවට පත් කර ගත හැකි වේ නම් එය අපගේ ජයග්‍රහණයක් වන අතර රජය විසින් මෙම මාධ්‍ය රැල්ල කෙරෙහි යම් කිසි වාරණයකට ලක් කල යුතූය.... 



                                              -නිසා-

20 comments:

  1. 👌👌👌👌👌👌👌👌

    ReplyDelete
  2. දිගටම කරගෙන යන්න.සුබපැතුම්.

    ReplyDelete
  3. විදෙස් කතාමාලා සදහා රජය විසින් යම් වාරණයක් පැනවිය හැකි නම් විසදුමක් ලබාගැනීමට හැකි වේ යැයි සිතමි.

    ReplyDelete
  4. Good job sis ✍🏻 Keep it up 👌🏻

    ReplyDelete
  5. හැකියාව දියුණු කරගන්න

    ReplyDelete
  6. Geat work ... keep it up ❤️����

    ReplyDelete
  7. ලංකාවෙ මාධ්‍ය වලපල්ලට ගිහින් ඉවරයි

    ReplyDelete

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...