Wednesday, 22 August 2018

දුම්රියේ අතවරය..


               
 කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් විට ඇසෙන්නා වූ එන්ජින් ශබ්දයටත් ,සිග්නල් ලයිට් එකටත් නිවේදකයාගේ පණිවිඩයටත් කන් යොමු කරන්නා වූ මගීන් බලාසිටින්නේ දුම්රිය කොයි මොහොතේ පැමිණෙන්නේ ද යන්නය. මගීන් අතර පාසල් ළමුන්,විශ්ව විද්‍යල ශිෂ්‍යයන් රාජකාරී වලට පිටත්ව යන උදවියගේ දුම්රිය ගමනාගමන මිතුරෙකු ලෙස කටයුතු කරනු ලබයි.කොතෙකුත් අපහසුතා වුවද සෙනග පිරුණු දුම්රිය ට ගොඩ වීමට අරගල කරන්නේ කඩිනම්න් තමාගේ රාජකාරි යට යාමේ බලාපොරොත්තු වෙනි. මේ අතර සන්සිදවා ගත නොහැකි කාම ආශාවන් සහිත පහත් මානුෂික මට්ටම් වල සිටින කාමාතුරයෝ දුම්රියේ සහය පතන්නේ කාම ආශාව මුදුන් පත් කර ගැනීමටය.දුම්රිය ස්ථානයෙහි සිටම පාසල් යන කුඩා දැරියන් කාන්තාවන් ලුහු බදිනුයේ කාම ආශාවන් සදහාය.කොතෙකුටත් අපහසු තා පැවතියද ප්‍රමාද නොවූ තමන්ගේ ගමනාන්තය  කරා ලගා වීමට කටයුතු කරන කාන්තාව දුම්රිය තුළ පත්වන්නවූ ලිංගික හින්සනය " තුළින් මානසික වශයෙන් ව්‍යාකූලත්වයට පත් කරනු ලබන්නේ පහත් කාම ආශාවන් සංසිදුවා ගත නොහැකි පාපතරයන්ගේ අමන ක්‍රියාවන් හේතුවෙනි.ඕනෑම කාන්තවකක් මෙම අත්දැකීම විදදරා ඇති බව සහසුද්දයෙන්ම කිව හැකිය.කාන්තාව යනු එවැනි හිංසන වලට ලක් විය යුතු චරිතයක් ද? ඇය හැම අතින්ම තාඩන පීඩනයන්ට ලක් වේ.දුම්රියේ පමණක් නොව බසයේ යන කාන්තාව හට පත් වන්නේද මෙම ඉරණම යි.
        දුම්රිය තුළ තදබදය ඔස්සේ කණුවක ආධාරයෙන් ගමන් කරන්නා වූ කාන්තාවන් ගමනාන්තය තෙක් ගමන් කරනු ලබන්නේ මහත් අපහසුතාවයෙනි. විටෙක බෑග් මලු ඔලුවට කඩා ගෙන වැටේ.මගීන් වැඩි වන විට තල්ලු වෙමින් තෙරපෙමින් අපහසුතාවයෙන් ගමන් කරන්නේ රටක් රාජ්‍ය ක් ඇල්ලීමට නොව පාමා නොවී ගමනාන්තය කරා ලගා වීම්ටය. මේ අතර ඇතැම් කාමාතුරයෝ මහ සෙනග මැද්දේ කාන්තාව අතවරයට හිංසනයට ලක් කරනු ලබන්නේ සුලු මොහොතතින් ඇති වන කාම ආශාව සංසිදුවා ගැනීම සදහාය.පාසල් යන කුඩා දැරියකට පවා නිදහසේ දුම්රිය තුළ ගමන් ගමන් කිරිමට පව අපහසු තත්වයක් උදා වී ඇත.. ඔවුන්‍ගේ ක්‍රියාව පිරිම කමට නින්දාවකි..ඇතැම් කාන්තාවන් හිංසනයන් අපහසුවෙන් විදදරා ගනී නමුත් කල යුත්තේ විදදරා ගැනීම නොව ඒ සදහා ඒ අවස්ථාවේම එම පුද්ගලයා ට එරෙහිව කටයුතු කිරීමයි..
  ලාංකික කාන්තාව ට ගමනාගමන යේ අත්විය යුතු ඉරණම මෙයද යන්න ප්‍රශ්නාර්ථයකි..එවනි වූ හිංසනයන් දුටු තැන කළ යුත්තේ ඇයට සාධාරණය ඉෂ්ට කිරීම නොවේද?  කාන්තාවන් ලක්වන්නා වූ මෙම අතවරයටන් ට එරෙහිව අප හඩ නැගිය යුතුය....කාමාතුරයන් හට දඩුවම් ලබා දිය යුතුය..


R.K.R.N දිසානායක
HS/2015/0219
(මුද්‍රිත මාධ්‍ය )

රෙදි ගැලවෙන මොඩ්ලින්....


   "ලාංකිකයෝ කියන්නේ ඕනම කුණු ගොඩක් අපේ කරගන්න දගලන අපුරු ජාතියක්"..හොද නරක අඩු ලුහුඩු කම් පසෙක දමා රැල්ලක් නම් භාර ගෙන අනුකරණය කරන්නට යන්නේ සුලු කාල සීමවක් පමණයි..මොඩ්ලින් යනු කලාවකි.ඇතමෙක් වෘත්තීයක් ලෙස නිරූපණ ක්ෂේත්‍රය ට අවතිර්ණ වේ..නමුත් මෙම ක්ෂෙත්‍රයේ සැබෑ අර්තය වටහා ගෙන ඇත්තේ සුලු පිරිසක් පමණි.වර්තමානය වන විට මොඩ්ලින් හෙවත් නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව ඇතමෙක්ගේ විවේචනයට බදුන් වී ඇත්තේ වටහා නොගත් නිරූපණය ශිල්පීන් ශිල්පිනියන් නිසාවෙනි.මුදල් මත පමණක් යැපෙන ක්ෂේත්‍රයක් බව සමජ ජාලා තුල විවේචනයට ලක් වේ.
  යම් යම් අසංවර විලාසිතාවන් නිරූපිකවන් ගේ අග පසග හොදින් නිරාවරණය වන ලෙස ලාංකීක සභ්‍යත්වය ට නොගැලපෙන අන්දමින් ඇතැම් කාන්තාවන් මෙම ක්ෂෙත්‍රයට අවතීරණය වී හිරි ඔතප් බිද දමා ගනිමින් මුදල් පසුපස හබා යන ජීවන ගමනක් නිර්මාණය කර ගනී

"ස්ත්‍රියකගේ පැවැත්ම තිබෙන්නේ (සංවර වීමෙන්) ආවරණය කර ගත් විටය විවෘත වූ විට නොවේ.."

යනුවෙන් පටිච්චින්න සූත්‍ර ය පවා දක්වා ඇත්තේ වර්තමානය ට අනාගතයට පවා යෝග්‍ය වන්නන වූ උපදෙස්‍ ය.සංවර කම ගැහැනිය ට තිබිය යුතු ආභරණයක් වන අතර මොඩ්ලින් තුළ නම්  එය  අදාල නොමැත.අවශ්‍ය වන්නේ කුමන හෝ වස්ත්‍රාභරණ සැරසී නිරූපනය කිරීම පමණි. වර්තමාන යේ මොඩ්ලින් සදහා තරුණ ගැහැනු ළමයි වැඩි වශයෙන් යොමු වී ඇතත් එම ක්ෂේත්‍රය නිසි ලෙස අවබෝධ කර ගෙන නොමැත..මේකප් තට්ටු අතුරා ගෙන ස්වාභාවික සුන්දරත්වය ට එහා ගිය කෘතිම වූ සුන්දරත්වය ක් ආරෝපණය කර ගනිමින් කාන්තවකගේ පවත්නා හැදියාව ලැජ්ජාව බය පිළිබඳව කිසිදු තැකීමක් නොකරයි.අග පසග නිරාවරණය කර කැමරා කාචයට පෙනී සිටින්නේ මහත් වූ උජාරුවක් කර පින්නා ගෙනය.ඔවුන් හෙලුව පෙන් වූ විට තමා වෙත ආකර්ෂණය කර ගැනිමට හැකි වේ යන සරල මානසිකත්ව ය ආරෝපණය කර ගනී.
 මුදල පසු පස හඹා යන සමාජ තලයක වර්තමාන කත මුදලට විකිනෙන පහත් තත්වය ට පත් වී අති බව කණගාටුවට ලක් විය යුතු කරුණකි.මුදල් දුන් විට ඇද සිටි සලු පිලි පවා ගැලවෙන යුගයකි මේ.. යුරෝපීය රටවල් තුළ නම් මේවා එතරම් විවේචනය ට ලක් කල යුතු කාරණාවන් නොවන්නේ මන්ද එම රටවල් තුල පවත්නා සාමාන්‍ය වෘත්තීයක් වන හෙයිනි..DSLR කැමරාව photoshop නොමැති නම් ලාංකික මොඩ්ලින් කලාව පවත්නා ආකර්ෂණය හීන වන බව නොඅනුමානය. වෘත්තීය නිවරදි ලෙස සංස්කෘතිය ට සභ්‍යත්වය ට ගැලපෙන ලෙස යොදා ගන්නේ නම් එම ක්ෂෙත්‍රය සමාජයේ පහලට වැටෙන තත්වය වලක්වා ගත හැකි වන අතර ශ්‍රී ලාංකිකතවයට ගැළපෙන අයුරෙන් ක්ෂේත්‍රයෙහි වටිනා කම ඉස්මතු වන ලෙස නිරූපණයෙහි යෙදේ නම් ලාංකීය මොඩ්ලින් කලාව සමාජය තුළ යම් මට්ටමකට ඔසවා තැබීමය හැකි වන බව නොඅනුමානය.......

ජනමාධ්‍ය ගිල ගත් දැන්වීම්කරණය...

රූපවාහිනීය , ගුවන්විදුලිය, පුවත්පත නැමැති මාධ්‍ය ත්‍රිත්ව ය තුළ වෙළද දැන්වීම් ප්‍රධාන භූමිකාවක නිරත වේ.සියලු මාධ්‍ය දැන්වීම්කරණය නැමැති සලුව පොරවාගෙන හමාර ය.එම සලුව ඉවතට දැමුවහොත් මාධ්‍යයේ රදාපැවැත්මට හා ඉදිරි ගමන් මග ශෝකනීය තත්වය කට පත් වනු නොඅනුමානය.රූපපෙට්ටියේ වැදගත් සංදේශයක් ජනප්‍රිය වැඩසටහනක් විකාශනය වන්නා වූ කාලය ඉලක්ක කර ගනිමින් වෙළද දැන්වීම් උපක්‍රමශීලී අයුරෙන් ග්‍රාහක මනසට ඇතුලු වේ.රූපවාහිනීයේ නම් ටෙලි නාට්‍ය නරඹන අතරතුරෙහි වැඩි වශයෙන් දැන්වීම් ප්‍රචාරණය වනුයේ බොහෝ දෙනා කාර්යබහුලත්වයෙන් මිදී පවතින අවස්ථාවන් ඉලක්ක කර ගෙනය.දැන්වීම් ජනප්‍රිය සංස්කෘතිකාංගයක් යොදා ගැනීම හරහා වෙළද භාණ්ඩ හෝ සේවාව වහා ඉක්මනින් ප්‍රේක්ෂකයා ගේ මතකයෙහි රැදෙන්නක් බවට පත් වේ.

ඒ අතර ජනප්‍රිය පුද්ගල ප්‍රතිරූපය න් ඒ හරහා ඉදරිපත් කිරීම තුළින් එය වඩාත් ආකර්ෂණීය මාධ්‍ය ක් ලෙස විකාශනය වේ.ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන්,රංගන ශිල්පීන් ,ගායක ගායිකාවන් ඉන්දිය නලු නිළියන් වැනි තාරුණ්‍ය යේ හදවත් පැහරගත් පුද්ගල ප්‍රතිරූප යන් මගින් වෙළද දැන්වීම් ජන මනසට කාවදින ලෙස ප්‍රචරණය කරනු ලබන්නේ ජන මාධ්‍යන් අතකොලුවක් බවට පත් කරගනිමිනි.කාර්යබහුලත්වයෙන් මිදී රූපපෙට්ටිය ඉදිරියේ ගිමන් හරිමින් රසවත් වැඩසටහනක් නැරඹීම ට සිදු වනුයේ වෙළද අරමුණු ඉලක්ක කර ගත් දැන්වීම් පමණි.වෙළද දැන්වීම් අතරින් පතර ටෙලි නාට්‍ය විකාශනය වන සංස්කෘතියක් නිර්මාණය වී ඇත.

ප්‍රමුඛත්වය දී ඇත්තේ ටෙලි නාට්‍යට නොව ලාභ ප්‍රයෝජන අරමුණ කර ගත් දැන්වීම්කරණ සංස්කෘතිය ටය.එහෙත් දැන්වීම් වුවද ප්‍රේක්ෂක මනස වඩාත් ආලිංගනය වන ආකාරයේ ආකර්ෂණීය රූපරාමු ,ප්‍රතිරූප සංගීතයන් අලංකාර දෙබස් වල සුසංයෝගයෙන් යුතුව නැවත නැවතත් ප්‍රේක්ෂකයා ගේ නැරඹීම ට ලක් වන අයුරෙන් නිර්මාණය කිරීම සුවිශේෂීත්වය කි.ප්‍රෙක්ෂක පෙළඹවීම කෂනයකින් ඉස්මතු වන ලෙස හා කෙසේ හෝ එම වෙළද අවශ්‍යතා වය ලබා ගන්නා මානසිකත්වය ගොඩ නැගීමට හැකි වන ලෙස දැන්වීම්කරණයහි යෙදීමට වර්තමාන වෙළද දැන්වීම් වලට හැකියාව ලැබී ඇති බව පැහැදිලි වේ.
     
රූපවාහිනී ය පමණක් නොව ගුවන්විදුලිය හා පුවත්පතටද අත්වී ඇත්තේ එම ඉරණම මය.ගුවන්විදුලිය විකාශනය තුළ අතරින් පතර දැන්වීම් ආකර්ෂණීය අයුරින් පරිකල්නය ඇති කරන්නක් මෙන් සංදේශ  ග්‍රාහක ගත කරනු ලබයි. පුවත්පත් තුළ ද දැන්වීම් සදහා පිටු වෙන් වී ඇති බව පැහදිලි වේ.ව්‍යාපාරික අවශ්‍යතා මුදුන්පත් කිරීමට නිර්මාණය කරන්නා වූ දැන්වීම් ජනමාධ්‍ය පාලනය කරන්නාවූ බලධරයන් බවට පත් ව ඇත.
මෙය මාධ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාව ක් බවට පත්ව ඇත.
ප්‍රේක්ෂකයන් වන අප සැම මුලා කරන්නවූ දැන්වීම්කරණ සංස්කෘතියේ යථාර්ථය තේරුම් ගනිමින් නිවරදි දේ තෝරා බේරා ගනිමින් මාධ්‍ය සාක්ෂරතාවකින් යුතු පුද්ගලයෙක් ලෙස මාධ්‍ය සංදේශයන්හි ඇතුලාන්තය කෙරෙහි අවබෝධයෙන් යුතුව ජනමාධ්‍ය ඇසුරු කළ යුතුය..


R.kR.N දිසානායක 
HS/2015/0219
(මුද්‍රිත මාධ්‍ය )

ගීතය අඩාවැලපීමක්ද?..

  පුද්ගල ජීවිතය ආනන්ද යෙන් තෘප්ත කළ හැකි කලා මාධ්‍ය ගීතයයි.ගීතය තුළ රසය ගැබ් වී ඇති අතර ගීත රචකයාගේ පෞද්ගලික අත්දැකීමක් හෝ වෙනත් අත්දැකීමක් වස්තු විෂය කර ගනිමින් කලාත්මක වූ නිර්මාණක් අතීත කලාකරුවා ප්‍රතිනිර්මාණය කරනු ලබයි.ඔහු සති භාෂා දැනුම ,සතතාභ්‍යාසය , පරිකල්පන ශක්තින් සුසංයෝගී කර ගනිමින් අර්ථවත් වූ කාව්‍ය නිර්මාණ බිහි කිරීමට කාව්‍ය රචකයන් දැක්වූයේ සුවිශාල දක්ෂතා වයකි.නමුත් වර්තමානය වන විට උසස් කාව්‍ය නිර්මාණ බිහි වීම අවම වූයේ මන්ද? ප්‍රශ්නාර්ථය කි.ආදරය ,විරහව,ශෝකය ගීතය තුළින් ප්‍රකාශ කරනුයේ ඉතාමත් සංයමයකින් යුතු භාෂාවකිනි.
අතීත කාව්‍ය නිර්මාණය කරුවන් ආදරය විරහව උවද ගීත නිර්මාණ තුළින් පෙන්වා දුන්නේ යථාර්ථ වාදී අයුරිනි.විරහව දරා ගත නොහැකි පෙම්වතුන් ආදරය සිගමන් යදින ආකාරය නොව ආදරයේ වටිනාකම පුලුල් ලෙස දක්වා ලීමට කාව්‍ය යොදා ගත්හ.
     
   "  ඔබ රකින්නට සැරසුනේ මා 
    නා රජෙකු සතු මැණික මෙන්
    ඔබේ පසුපස මනෙට රැදුනේ
    රකින්නට ඔබ හැම දෙයින්
    ඒත් ඔබටම එපා වූ මා
     නැවත එන්නෑ ඔබ බලන් "

මෙම ගීතයේ පද රචනයෙහි පෙම්වතිය අනියම් ඇසුරක් නිසාවෙන් පෙම්වතා හැර ගිය බවත් පෙම්වතා විසින් ඇයව ප්‍රතික්ෂේප කරන අයුරු කාව්‍ය තුළින් දක්වා ඇත්තේ වෙරී සහගත සිතින් නොව සමාජ යතාර්ථයක් ලෙසිනි.උපමා අලංකාර වලින් පරිපූර්ණ කාව්‍ය නිර්මාණයන් සමාජයට දායද කිරීමට අතීත කාව්‍ය රචකයන් ගත් උත්සහය මැනවින් පැහැදිලි වේ.
     
    නමුත් වර්තමානයේ ගීත කලාවට අත් වූ ඉරණම දෙස බැලූ විට මුළුමනින්ම ගීතය අඩාවැඩියාවක් පමණක් වී ඇති බව පැහැදිලිය.අහිමි වීම හා පෙම්වතා තම පෙම්තිය හැරයාම දරාගත නොහැකි අඩාවැලපෙනා ගීත ප්‍රචාරය වීම දක්නට ලැබේ. මෙතුලින් ගීතයේ වටිනා කම හීන වී යන අතර බොළඳ ආදරය හා ආදරය තුළ අන්ධ වූ තරුණ තරුණියන්ගේ මනෝභාවයන් ශෝකාලාපයක් මෙන් ගීතය තුළින් ඉදිරිපත් කරනු ලබයි.
   විටෙක සවන් දිය නොහැකි අඩාවැඩියාවකි ආදරය නැමැති හැගීම මුල් කොට ගනිමින් හැරයාම ගීතයේ වස්තු විෂය කරගනිමින් වර්තමාය වන විය ගීත විශාල වශයෙන් නිර්මාණය වේ. ගායකන් බිහි වන්නේ හතුපිපෙන්නාක් මෙනි.නමුත් ගායකයන් වුවද ගීතයේ සැබෑ වටිනාකම තෙරුම් ගෙන නොමැත.

    "රත්නත්තරේ පිහිටයි මැණික මා සදා
   ඉල්ලන්න බෑ වැදලනම් යන්නෙපා නා දමා
   හොද දේ හොඩ්යි නරක වැරදී
   දන්නවනෙ දැන් ඉතින් ඔයා 
  පඩුරක් පවා ගැටගැසුවා සෙත් පතා        බෝධීයේ"

    මෙවැනි වූ කාව්‍ය නිර්මාණය න් බිහි වීම කණගාටුවට කරුණකි.භාවිතා කරන්නා වූ භාෂාව මෙන්ම ආදරය හෑල්ලුවකට ලක් වූ තරුණයෙකු තම පෙම්වතිය ඉදිරියේ වැද වැටෙන අන්දම නිරූපණය කරයි.ගීතය තුළින් ආදරය වටිනාකම නිරූපණය කළ යුත්තේ මේ ආකාරයෙන්ද ප්‍රශ්නාර්ථයකි.. ගීතය යනු වැලපීමක් නොව එතුළින් රසිකයන් හට ඉදිරිපත් කළ යුත්තේ ගීතාත්මක රසයක්ය. නමුත් වර්තමාන ගීත නිර්මාණ තුළ දක්නට නොලැබෙන්නේ මෙම ගීතාත්මක රසයයි.මෙය කණගාටුවට ලක් විය යුතු කරුණකි  
කාව්‍ය නිර්මාණයන් කෙරෙහි වස්තු විෂය කරගන්නා අත්දැකීම් ඉතාමත් සාර්ථක ලෙස අර්ථවත් වූ පණිවිඩය ක් ලබා දෙන අයුරෙන් ඉදිරිපත් කරන්නේ නම් ගීතයේ අඩා වැලපීම යම් අයුරකින් වෙනස් මානයකට ගමන් කිරීමට තරුණ ගීත නිර්මාණශිල්පීන් වග බලා ගත යුතුය...

R.k.R.N දිසානායක
HS/2015/0219
(මුද්‍රිත මාධ්‍ය )

Thursday, 9 August 2018

ඇති නැති...

පන්තිය යනු පුද්ගලයාගේ සමාජ මට්ටම මනිනා වූ මිනුම් දණ්ඩකි. ඇති සහ නැති ලෙස සමාජ බෙදිමක් මගින් සමස්ත සමාජ ක්‍රමය නිර්මාණය වී ඇත..ධනපති හා නිර්ධන  පාංතිකයන් අතරින් සමාජයේ රැගුම් පාලක ධූරාවලියෙහි කටයුතු කරන්නා ධනපතියන් තුළ ඇත්තේ ආත්මාර්ථකාමී අරමුණු සමුදායන් සමහ පොර බැදීම පමණි.නමුත් ඔවුන් නැති පංතියේ උදවියගේ ජීවිතය දෙස කිදා බසින්නේ නැත.ඔවුන්ගේ අරමුණ වන්නේ සමාජ තලය තුළ කෙසේ හෝ ඉහළට ගමන් කිරීම පමණි..නැති එකා හැමදාමයත් එකම තැනය ඔවුන්ට අඩියක් හෝ ඉදිරියට යාමය මෙම සමාජය තල්ලුවක් වත් ලබා දෙන්නෙ නැත..සැමදා සැප ඇති උදවියට පමණද? ප්‍රශ්නාර්ථයකි..
     මිල මුදල් යාන වාහන නො
මැති නම් එම පුද්ගලයා ගොඩේ බයියෙක් යැයි අමතන අවස්ථාවන් නැතුවම නොවේ .සියල්ල මිල මුදල් මත තිරණය කරන්නා වූ සමාජය තුළ දුප්පතා හෑල්ලුවක්ට ලක් කරමින් ඔවුන්ට කළ හැක්කක් නොමැත යනුවෙන් ලේ බලය ධන පතියන් විසින් ගසා හමාරය.මෙම පරතරය වර්තමාන තුළ පමණක් නොව අතීතයේ ජීවත් වූ වලව්කාර රදල පැලන්තිය නැති පුද්ගලයා ඔවුන්ගේ සේවකයන් බවට පත් කරමින් සියල්ල ඔවුන්ගේ ශ්‍රමයෙන් ඉටු කර ගත්හ.මුට්ටියේ ඉතුරු වන බත් දණ්කුඩ ආහාරයට ගනිමින් ඇති උදවියගේ මෙහෙකාර භූමිකාව තුළ නිරත විය.

වර්තමානයේද මෙම තත්වය එසේමය වෙනසක් සිදි වී නොමැත..දුප්පතා මිය යනතුරුම පීඩා විදිනා ක්‍රමයක් දක්නට ලැබේ.ෆැන්ටසි ලෝකයක ජීවත් වන බොහෝ දෙනා සමාජයේ ශෝචනීය තත්වය කෙරෙහි අවධානය යොමු කරති ඔවුන් ජීවත් වනුයේ සිහින ලෝකයන් තුළ පමණි. ධනපතියන් ගේ දරුවන් යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලටය ආහාරයට ගන්නේ ඉස්තර්ම ආහාර වේල් ය.නමුත් අන්ත අසරණ පීඩිත ජීවන ක්‍රමයක් ගත කරන මව්වරුන් පියවරුන්ගේ දුවාදරුවන්ට යාමට පාසල් නොමැත..ඉගැන්වීමට ගුරුවරුන් ද නොමැත. කෑම බීම නොමැති ව බොන්නට වතුර පොදක් නොමැතිව අන්ත දුක් විදිනා මිනිසුන්ද ජීවත් වේ. .එපමණක් නොව කෑමට බීමට ගන්නා ආහාර වලට පවා බදු ගෙවීමට සිදු වේ..රස විදින්නට සිදු වන්නේ බදු වල රසය. එහෙත් ධනපතියන් හට මෙම තත්වය තේරුම් ගැනීමට නොහැකි වන්නේ ඔවුන් එවැනි අත්දැකීම් වලය ලක් වූවන් නොවන හෙයිනි.
සියලු දුක් කම් කටොලු හමුවේ අධ්‍යාපන ය 
ලත් දරු දුවාදරුවන් සමාජයේ ඉදිරියට යාමට උත්සාහ ගත්තද  දේශපාලන බලවේගයන් ගේ මැදිහත් වීමෙන් සුදුසුකම් නොමැති පුද්ගලයන් සදහා අවස්ථාව ලබා දෙනු ලැබීම සෝචනීය තත්වයකි..සුදුස්සාට සුදුසු තැන නොලැබෙන්නාවූ අසාධාරණ වූ සමාජ ක්‍රමය තුළ නිර්ධනයා තවමත් පීඩිතය. 
මෙම තත්වය වෙනස් කිරීමට නම් පුද්ගලයා  ආකල්පමය වශයෙන් වෙනස් වූ කලෙක මෙම පරතරය යම් තාක් දුරකට වෙනස් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

                                   - නිසා-

Wednesday, 8 August 2018

දහඩිය සුවද හදුනනා දිරිය මිනිසුන්

   අනුන්ගේ කුණු හොයමින් වැඩකට නැති ජීවිත ගත කරන මිනිස්සු අතරෙ තිබෙන කුණු කොහොම හරි ඉවත් කරන්න දගලන මිනිස්සු මේ සමාජයේ ජීවත් වන්නෙ සුලු ප්‍රමාණයක් පමණයි.ඔවුන් ජීවන අරගලයේ යෙදෙන්නේ අහස අල්ලන්නට නොව එදා වේල හරි හම්බ කර ගැනීමටය.මග දෙපස සුන්දර කිරීමට වෙර දරන අප ඉවත් කරනා කුණු කසල ඔවුන්ගේ පිරිසිදු දෙඅත් වලින් ඉවත් කරන ඔවුන් පැවරුණු රාජකාරිය අකුරටම ඉෂ්ට කරති.වර්තමාන රාජ්‍ය සේවකයාටත් ඔවුන්ගේ කාර්ය අවංක ලෙස ඉෂ්ට කිරීමට නොහැකි වී ඇත්තේ රාජකාරිය දේවකාරියක් ලෙස නොසලකා හැරීමෙනි..මෙම දිරිය මිනිසුන් සදහා නිර්මාණය වූ අන්වර්ථ නාමය වූයේ පාරේ කූණු අදින මිනිසුන් ලෙසය..නමුත් එය නම්බුකාර රස්සවකි.කාටත් යටත් නොවී අතේ පයේ ශක්තිය තිබෙනකම් රාජකාරි අවංක හදවතින් යුතුව ඉටු කරනු ලබයි."හිතේ හයිය" ඔවුන්ගේ ප්‍රධාන බලවේගය කර ගත් හ.

   බොහෝ නම්බු නාම තනතුරු දරන උදවිය කාර් බාර් වලින් පැමිණ ඔවුන්ගේ කුණු දැමීමට මහාමාර්ග තෝරා ගනු ලබති .කෙතරම් උගත් වුවත් උසස් වුවත් පහත් මානුෂිකත්වයෙන් හෙබි ඔවුන් පරිසරයේ සුන්දරත්වය කෙරෙහි අවධානය යොමු නොකරති.ඔවුන්ගේ පහසුව තකා ඉවතලන කුණු කසල වලට වන්දි ගෙවනු ලබන්නේ එදා වේල හරි හම්බ කර ගැනීමට වෙර දමන අහිංසක මනුෂ්‍යයන්ය.නමුත් ඔවුන් එම රජකාරිය කටුකය පිළිකුල් ය යනුවෙන් සිතා පැහැර හරින්නේද නැත. ගද ගහන පණුවන්ගෙන් පිරුණු කුණු ගොඩක් වුවද දෙඅතින් ඇල්ලීමට තරම් ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නැගී ඇත.ඔවුන් ඉදල,කුණු බක්කිය සමග පොර බදින්නේ එකෙකු පරයා එකෙකු නැගී සිටීමට නොව ජීවිතය දුෂ්කරතා හමුවේ ජය ගැනීමටය...අවු  වැසි හමුවේ මහ සෙනග අස්සේ අපවිත්‍ර වූ මංමාවත් දුගද හමන කුණු කාණු පවිත්‍ර කරනුයේ අප සැමගේ සුබ සිද්ධිය උදෙසාය.ඔවුන්ගේ මේ උදාරතර සේවය නොමැති වුවහොත් පරිසරය මහ අපායක් බවට පත් වනු නොඅනුමානය.කෙතරම් දුෂ්කරතා තිබුන ද ඔවුන් අරගල කරන්නට පාරට බහින්නේද නොමැත.ඔවුන් සටන් කර්නුයේ ජීවිත යථාර්ථය ත් සමගය.ලැබෙන සොව්චම් මුදලෙන් ජීවිත ය ජය ගැනීමට දරන වෑයම අතිමහත්ය.මෙවැනි දිරිය මිනිසුන් කෙරෙහි සමජය විසින් වටිනාකමක් ලබා දිය යුතු අතර ඔවුන්ගේ සේවයෙහි වටිනාකම  පිළිබඳව අප සැම අවබෝධය ඇති කර ගත යුතුය..මහ ඉහළින් කම්කරු දින විප්ලවවාදී ලෙස සැමරුවද සැබෑ කම්කරුවන් තවමත් මහපාරේය...ඔවුන්ගේ ඉල්ලීම් අයිතිවාසිකම් සදහා වටිනාකමක් නොලැබෙන්නාවූ කටුක දුෂ්චරිතවත් සමාජය  ඔවුන් ගේ අගය තවමත් තේරුම් ගෙන නොමැත..මෙම දිරිය මිනිසුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර ඔවුන්ගේ ජීවිත ගොඩ නගා ලීමට යම් අත්තිවාරමක් සමාජය විසින් ගොඩනංවා ලිය යුතුය...

                                              -නිසා-

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...