Wednesday, 23 May 2018

ගැහැනිය





     ලොවට ජීවය ගෙන දෙන 
     කතරෙහි විඩා නිවාලන
     ප්‍රාණ වායුව,ජල බිදුව ඇයයි
     කුණාටු සැඩ සුළං පරයන
     නොසෙල් වෙන හදවත 
     අසුන්දර වේදනාවන් විද
     කදුළු හලනා මුවැත්තියක මෙන්
     බැට කන සමාජ තලය
     පුරුෂාධිපත්‍යයට නතු වී

    නිබඳ සතුට සොයනා ඇය

    ලැබෙන දුක් ගිනි අවිය කොට ගෙන
    ගලක් මෙන් හිත එක් තැන් කොට
    ඉවසීම ආභරණය කර ගත්
    ලොවක් සනසන ජීවනාලිය 
    දේවතාවිය..පතිනිය 
    ඇයයි ...ගැහැනිය...

                                            -නිසා-

2 comments:

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...