Wednesday, 23 May 2018

ආගමික නැඹුරුත්වයේ අතිත හා වර්තමාන තත්වය




වර්තමානයට සාපේක්ෂව අතිත මිනිසා තම ආගම දහමට පුළුල් නැඹුරුත්වයක් දැක් වූ අතර ගමේ පන්සල කෙරෙහි විශ්වාසයෙන්,භක්තියෙන් ආගමික කටයුතු සදහා සහභාගි වූහ..."පන්සල මිනිසාගේ උපතේ සිට මරණය දක්වත් මරණයෙන් පසුත් ජන ජීවිතයට සමීප ස්ථානයක් බවට පත් විය...නායක භික්ෂුන් වහන්සේ සුවිශේෂී වූ භූමිකාවක නිරත වෙමින් උත්ගත වන්නා වූ ප්‍රශ්න ගැටලු සදහා නිවරදි විසදුම් ලබා දෙමින් ආදර්ශත් දිවිපෙවෙතක් ගත කරන ලදී එමෙන්ම දායක පිරිස් සංවිධානය වෙමින් දානමය පින් කම් සහයොගයෙන් යුතුව සිදු කරන ලදී....නමුදු ,,

වර්තමාන ය වන විට අතිතයට හාත්පසින් ම වෙනස් වූ ගෝලීය කරණය වූ ජන සමාජයක්  තුළ පන්සල නැමැති ආගමික සංස්‍ථාව ජන ජිවිතයෙන් ඈත් වී ඇති බවත් කාර්යබහුල දිවිපෙවෙතත් සමග ආගමික කාර්යයන් මිනිසාගේ න් ඈත් වූ තත්ත්වයක් දක්නට ලැබේ....පොහොය දිනයටවත් ආගමික වතාවත් කිරිමට යා නොහැකි  බොහෝ පිරිස් ජීවත් වන  ජන සමාජයක දානයට මානයට ආ‍රාධනා කිරීමට,තරග විභාගයන් ගෙන් ජය ගැනිමට බෝධී පූජා තැබීමට ' දුක් ගැනවිලි වලට පිහිට ලැබීමට පමණක් පන්සල සිහිගැන්වේ.... නූතන පරපුර සංස්කෘතික බැම්ම නිර්මාණය කරන්නා වූ පූජනිය ස්ථානයෙහි අගය නොදැනිම කනගාටුවට පත් විය යුතු කරුණක් වන අතර සමස්ථ ආගමික සංස්කෘතියට බලපාන්නාවූ ගැටලුවක් බව ගම්‍යමාන වේ..මෙම තත්වය වෙනස් කිරීමට නම් සුවිශාල වූ වෑයමක් දැරිය යුතු බව පැහැදිලි වේ.....


             - ආර්.කේ.ආර්.එන් දිසානායක -

10 comments:

  1. කණගාටුවට කරුණ නම් පන්සලහි නායක හිමි නම යම් යම් කරුණු දෙස නොබැලීමය. කාරනය යම් තරම් සත්‍ය වුවද මා යම් යම් කරුණු හේතු කොටගෙන යම් පිංකම් වලින් බැහැර වී ඇත. කඨින පිංකම ගත් විට අලුයම පෙරහැරහි මුලු ඉතාමත් අලංකාරය මැද ඉතාමත් භක්තියක් ගෙන එන මුත් අවසානය (කාවඩි) අද වනවිට පපරෙ බෑන්ඩ් නම් වී ඇත. ඉතාමත් පින් ඇති පූජාවක අවසානය සංගීතයට රගන ගමේ කොලු රැලය. මේ අතර බීමත් වූ සමහර උපාසක මහතුන්ද වෙති. කාවඩි නැත. නමුත් තරුණ පිරිස ඉතාමත් සතුටින් නටති. මෙය බුදුන් කියා දුන් කඨින චීවර පූජාවද යන්න පැනයකි? මෙවන් දෑ නිසා කෙලෙසෙන්නේ බුදු දහම නොවේද. නායක හිමි නමට මෙම විගඩම නවත් වනු හැකිමුත් එය වලක්වන්නේ පිංකමට පැමිනෙන තරුණ පිරිස ගෙන්වා ගැනීමටය. මෙයද ආගමික නැඹුරුතාවය වර්දනය කරන ආකාරය. සිතීමට බොහෝ දේ ඇත. බුද්ධ දර්ශනය අවබෝධයෙන් කටයුතු කල යුතුව ඇත.
    😕

    ReplyDelete
  2. අපේ පන්සල රැකගැනීමට වෙහෙස වෙමු

    ReplyDelete

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...