(කෙටි කතාව)
ඇදිරි වැටෙන්නට කළින් කුඹුරේ වැඩ අහවර කර ගත් සියාතු සීයා වතුර ඩිංගක් නාගෙන සිරිමලීලාගේ ගෙට ගොඩ වුණේ
"කෝ කෙල්ලේ මගෙ බුලත් හෙප්පුව " කියා ගෙනය.
සියාතු සීයා ගෙදරට එන තෙක් ගමේ කොල්ලො කුරුට්ටෝ සීයාගෙ කතා අහන්න බලන් ඉන්නේ අතේ ඇගිලි ගනිමින්ය.ජන කතා ,විකට කතා කීයන්නට නම් සියාතු සීයා උපන් හපනෙකි .ඔහු හවස් යාමයේ වැඩ අහවර කර පුංචි එවුන්ට කතන්දරයක් කියා දීම පුරුද්දක් කර ගත්තේය..
"ඊයේ මම උඹලට කියලා දුන්නේ රයිගමයයි ගම්පලයයි ගැන නේද?
"ඔවි සීයේ "කියමින් සියල්ලොම එක හඩ්න් කෑ ගැසූහ.
වෙනදා මෙන් නොව සිරිමලී මහත් උනන්දුවෙන් සීයාගේ කතා ඇසිමට පිලෙහි විත් ඈදිගත්තාය.
"අද සිරිමලී කෙල්ලත් මගේ කතා අහන්න ඇවිල්ලලා නොවැ"
කියමින් සමව්චලයට මෙන් හිනා විය.
කළු කුමාරයාගේ කතාව අසා දැන ගැනීමට මහත් කුතුහලයෙන් සිටි ඇය එකවරම
" සීයේ අද කළු කුමාරයාගේ කතාව කියලා දෙන්නකෝ.."
යැයි මහ හඩින් කියා සිටියාය.
"මොකද කෙල්ලෙ එක පාරටම කළු කුමාරයාව මතක් වුණේ ?
කියමින් නැවත වරක් සිනාසෙන්නට විය.
"කළු කුමාරයා කිවුවට අපි හරියටම දන්නෙ නෑ නෙ කවුද කියලා "
සිරිමලී මහත් උනන්දුවෙන් කියා සිටියාය.
"හොදයි එහෙනම් මම අද උඹලට කළු කුමාරයාගේ කතාව කියලා දෙන්නම්."
ගෑනු උදවිය ගැන බැල්ම හෙලන කළු කුමාරයා ගැන එක එක කතා තියනවා එක කතාවක් මන් උඹලට කියලා දෙන්නම්.
සියල්ලොම මහත් උනන්දුවෙන් හරි බරි ගැසී කතාව ඇසීමට සූදානම් වූහ..
"ජනප්‍රවාද වල තියන විදිහට කළු කුමාරයාගේ නිජ බිම ලංකාවයි.අනුරාධපුරයේ පුවතෝල රජතුමා දරුවන් නැති දුකෙන් පසු වුන කෙනෙක්. රජතුමාට දාව අනියම් බිරිඳකගෙන් දරුවෙක් ලැබෙන්නෙ මේ අතරෙදී තමා.
නීල මදන කළු කුමාරයා කියලා නම ලැබුනා..ඔහු ඉතා ශක්ති සම්පන්න කෙනෙක්.සොලී ආක්‍රමණ වලට එරෙහිව සටන් කරන්නට පෙළබුණා.වැරැදීමකින් සොලී රටේ ස්ත්රින් ඉන්න ප්‍රදේශයකට ගියා. ඒ කාන්තාවන් අතින් මරුමුවට පත් වන්නට වුණේ අවාසනාවන්ත විදිහට.ගැහැනු න් අතින් මරණය ට පත් වෙලා මිය යන්නට වීමේ කේන්තියෙන් කළු කුමාරයා යන යක්ෂ වේෂයෙන් උපත ලබලා තෙයෙනවා"
සියල්ලොම බයෙන් බිරන්ත වී සිටිනු දුටු සියාතු සීයා
"මොකද උඹලා බය වෙලා වගේ ඉන්නෙ ඕක එක කතාවක් විතරයි තව කතා තියනවා"කියමින් බූරු ඇදෙහි ඈදි ගත්තේය.
සිරිමලී කළු කුමාරයාගේ කතාව ඇසූ පසූ ඔහුට අත් වූ ඉරණම පිළිබඳ කනස්ලු විය.
කතාව අහවර වූ පසු කුස්සියට ගිය සිරිමලී දෙස බලා සිටි සුමනා කින්ඩියට හිනා විය
"මොකද උඹට කවදාවත් නැතුව කළු කුමාරයෙක්ව මතක් වෙලා බලාගෙන උඹේ පස්සෙන් එයි"
"කටවහන් ඉදින් සුමනා නංගිව බය කරන් නැතුව"
සිරිමලී කාමරය ට ගොඩ වී කල්පනාවට යෙදුනේ කළු කුමාරයා ගැනය ..
"කළු කුමාරයා මොනවා උනත් කුමාරයෙක්නෙ.මට එයාව දකින්න ලැබුනානම්"
යැයි සිතමින් ඇගේ සිතේ ඔහු පිළිබඳව ආලයක් දළු ලන්නට විය.
කළු කුමාරයා ගැවසෙන්නේ නාන ළිං වල පීල්ල ළග, පාලු ගෙවල් වල මංසැල්වල තමා වැඩිපුර ගැවසෙන්නේ යන්න සිරිමලී දැන සිටියාය.
ඇයට අවශ්‍ය වූයේ කළු කුමාරයා දෑසින් දැක ගැනීමටය.
දවල් වරුවේ නෑම පුරුද්දක් කර ගත් සිරිමලී ගොම්මන් වැටෙන වෙලාවේ නාන ළිදට යෑම පුරුද්දක් කර ගත්තාය.
"සිරිමලී උඹට මොකද වෙලා තියෙන්නෙ තනිපන්ගලමෙ නාන්න යන වෙලාවක්ද මේක..උඹට රෑ වෙනකම්ම ඉන්න ඕනෙද නාගන්න."
උඹලා අපි කියන දෙයක් අහන එකක් යෑ...
අම්මා කෑ මොර දුන්නද කනකට නොගත් සිරිමලී නාන ළිදට ගියේ සිතින් පෙම් කරන්නා වූ කුමාරයා කෙසේ හෝ දැක ගැනීමය..
එකවරම ගසක අත්තක් සෙල වෙන්නට විය එය දුටු සිරිමලී ඔහු පැමිණ ඇතයි යන්න ඉගියකින් තේරුම් ගත්තාය...
"මම බලන් හිටියා මාව හොයන් එනකම්...මට උඹ ආදරෙයිද..??
සිරිමලී මනෝ ලෝකය තුළ තනි විය.
සිරිමලී තනියම කතා කරනවා දුටු සුමනා දුවගෙන ගොස් එම විත්තිය අම්මාට කීවාය.
"මොකක් කිවුවා. මම කිවුවා ඕකිට තනිපන්ගලමෙ නාන්න යන්න එපා කියලා එක්කන් වරෙන්"
" ඉක්මන්ට ගිහින් ගම්බාර දෙවියන්ට පහන තියන්න ඕනෙ මේ කරදර අහවර වෙන්න කියලා ගම්බාර දෙවියො තමයි අපිට කවදත් පිහිට වෙන්නෙ කොයි කාලෙක ඉදලද අපි ගම්බාර දෙවියො අදහන්නෙ..
කියමින් සිරිමලී ගේ මව මහත් වූ විශ්වාසයෙන් කරදර වලට පිළියම් ලාබා දෙන ලෙස කන්නලව් කරන ලද්දේ සිරිමලී ගේ සිතට ශාන්තියක් ලබා දීම අරමුණු කර ගනිමිනි...
දෙවියන්ට කන්නලව් කිරීමෙන් පසු සුමනා ගේ මව ඇයට බැන වදින්නට පටන් ගත්තාය...
සිරිමලී කිසිදු දෙයක් නොවුනා සේ කාමරයට ගොස් දොර අගුලු දමා ගත්තාය.
ඇය දමා සිටි යන්ත්‍රය ගලවා විසිකලාය..වැඩි වියට පත් වූ පසු සිරිමලී ගේ මව තනිකම් දෝෂයට කොට්ටය යට තබා තිබූ යකඩ කැබැල්ල තවමත් ඇයගේ කොට්ටය යටය..එහි කිසිදු බලයක් නොමැත යනුවෙන් සිතා සිතෙහි හටහත් ආවේගයට එම යකඩ කැබැල්ල ඇය එළියට විසි කලේ ඇයගේ කුලුදුල් ආදරයට බාධාවක් වන හෙයිනි..
ඇයගේ ආදරවන්තයා නැවත පැමිණේ යන බලාපොරොත්තුවෙන් ඇය නින්දට ගියාය.ටික මොහොතතින් අදුරු සෙවණැල්ලක් ඇයව වෙලා ගන්නා බව ඇයට දැනුණි.
ඇය මනෝ ලෝකයන් තුළ තනිවෙමින් තනියම කතා කරන්නට පටන්ග්ත්තාය..
ඇගේ කියවිල්ල සිරිමලී ගේ මවට ඇසුනි..
"මේක හරියන වැඩක් නෙමේ කෙල්ලට කලු කුමාරයා වැහිලා තමයි.සුමනා ඉක්මන්ට සියාතු සීයට එන්න කියාපන්"
"තාත්තේ බලන්නකෝ..කෙල්ල ඇදිලා ගිහින් ළගදි ඉදලා හරි වෙනස් කාමරේ අස්සටම වෙලා දොඩවනවා.."
ඉදින් මේකට මොකක් හරි කරන්නම් කලබල නොවී හිටපන්..මට නූල් හත් පටක් ගෙනත් දියන් කෙල්ලෙ කියමින්
ඕන් නමෝ අෂ්ට බන්ද -අෂ්ට භෙරවා බන්ද
ඊෂ්වර භෙරවා බන්ද- විෂ්ණු බන්ද
කන්ද කුමරා බන්ද- කන්ද කුමරා භෙරවා බන්ද
නාග බන්ද- නාග කුමරා බන්ද
කළු කුමාර දේවතාව නාගපාසාවෙන් බන්ද බන්ද
ඒස්වහඃ !
කියමින් මන්ත්‍රයක් මතුරා නූල් පටට ගැට හතක් ගසා ගැටේට හත් වරක් බැගින් මතුරා බෙල්ලේ ගැට ගසූ පසු සිරිමලී පියවී සිහියට පැමිණියාය...
'කෝකටත් අපි මහ කළුකුමාර සමයම කරමු.මන් අදුරන යකදුරෙක් ඉන්නවා නැට්ටුවො ටිකකුත් ගෙන්නල තොවිලය කරමු..ටිකක් වියදම් යන වැඩක් කෙල්ලෙ. ඒත් කෙල්ලට ශාන්තියක් ලැබෙනවා සිකුරුයි." යනුවෙන් සියාතු සීයා එම ශාන්තිකර්ම පිළිබඳව මහත් විශ්වාසයෙන් කීවේය..
සාකච්ඡා කර ගත් පරිදි මහා කළුකුමාර සමයම තෙදිනක් පුරා සිරිමලී ගේ ගෙදර පැවැත්විණි...
සීයාගේ මන්ත්‍රයෙන් හා නිවසෙහි පවැත් වූ මහා කළු කුමාර සමයමෙන් ඇගේ සිතට මෙන්ම ගතට ශාන්තියක් අත් වුණ බව ඇය විශ්වාස කලද ඇයට කළු කුමාර දිෂ්ටියක් නොමැති බවත් ඇය ජීවත් වූයේ ඇය විසින් මවා ගත් මනඃකල්පිත ලෝකයක් තුළ මනඃකල්පිත ආදරයක සිරවී සිටි බව සිරිමලී වටහා ගත්තාය...
HS/2015/0219
ආර්.කේ.ආර්.එන් දිසානායක
කතාව මරු .
ReplyDelete👌👌👌👌
Thnk u..
DeleteEla aa..
ReplyDelete👍👍👍
DeleteOyata una ekak neda oya😄😄😄
ReplyDelete😂😂
DeleteWoow ftta eka
ReplyDeleteThnk u...
DeleteLassanaiiiiiii kathawa
ReplyDeleteThnk u...
Deleteඅක්කෙ ඒක නන් මරු....
ReplyDeleteඅක්කෙ ඒක නන් මරු....
ReplyDeleteLassana kathawa..
ReplyDeletelassana kathawak
ReplyDelete