Saturday, 26 May 2018

ජීවිතයේ යතාර්ථය

   

දිනෙක පොළවට මිහිදන් වබ
වෛර්ණ විලාසිතා සුවද තවරන
දුගද හමනා ආඩම්බර කාර
මස් ලේ ඇට නහර සහිත
අසම්පූර්ණ් වූ වස්තු දාමය....

     "  රූපය යනු මිනිසාගේ බාහිර සුන්දරත්වය මැන         බැලිමට යොදා  ගන්නා වූ මිනුම්   දණ්ඩකි"..
රූපයේ අලංකාරය උදෙසා බොහෝ පිරිස් විශාල ලෙස මුදල් වියපැහැදම් කරනු ලබන අතර ඇතමෙක් අලංකාරවත් වූ රූපය නිසා උඩගු බවෙන් යුක්තව ජීවත් වෙති. නමුදු එම සුන්දරත්වය සදාකාලික නොවන බව බොහෝ දෙනා නොදනිති තරුණ වියෙන් මැදි වියටත් මැදි වියෙන් මහලු වියටත් ගමන් කරන විට පෙර පැවති සුන්දරත්වය ය කෙමෙන් කෙමෙන් ගිලිහී යයි. නමුදු අප බොහෝ දෙනා ප්‍රියමානාප ලෙස ජිවත් වීමට කැමැත්තක් දක්වති.නොයෙකුත් විලාසිතාවන් අනුගමය කරති..ජිවිත් වන්නාවූ  සීමිත  කාලය තුළ සුන්දර ලෙස ජිවත් විය යුතුය. ඇලුම් කරන්නා වූ විලාසිතාවන් අත්හදා බැලිම වරදක් නොවන අතර සීමාව ඉක්මවා රූපය පිළිබඳව ඇලිම් ගැලිම් ඇති කර ගත නොගත යුතුය...මන්ද රූපය සදාකාලික නොවන දිනෙක වැරහැලි වන්නවූ පොළවට මිහිදන් වන්නාවූ වස්තු දාමයක් වන නිසාවෙනි...අප සැම ජීවිත යථාර්ථය අවබෝධ කර ගත යුතුය..කොතෙකුත් ශරීරයට සුවද විලවුන් ගැල්වුවත් ආලේපන ගැල්වුවත් පලක් නොමැති මෙම ශරීරය දින දෙකක් තුනක් නොනෑවොත් දුර්ගන්ධය හමන බව අප වටහා ගත යුතුය...එහෙත් අපට පිළිකුල් ලෙස ජිවත් විය නොහැක..නමුදු සුන්දරත්වය උදෙසා අප සිදු කරන්නා වූ වෑයම තාවකාලික වන බව වටහා ගත යුතුය.
  යමෙක් රූපය ට උඩගු වෙති...ඇතමෙක් යාන වාහන, මුදල් හදල් ,දේපළ ,නම්බු නාම නිසා අහංකාර වෙමින් ලෝභ සිතින් යුක්තව සැපවත් ජිවිත ගත කිරීමට උත්සාහ ගනිති...මුදල් වලට ඇලුම් කරමින් තණ්හාවෙන් යුක්තව ජිවත් වන්නෙ හිතේ නොසන්සුන් බාවයෙනි..මන්ද එම වස්තුව ගිලිහී යයි ය බියෙන් යුතුව ජිවත් වේ. මරණයෙන් පසුත් එම වස්තුව ගෙන යනවා යන ආශාව සිතේ ඇති කර ගනිමින්  අසරණ පුද්ගලයෙක් ට පවා උදව් පදව් කිරිමට මැලි කම් දක්වන පුද්ගලයෝ මෙම සමාජයේ ජිවත් වේ.. ජිවිතයේ අනිත්‍ය තාවය වටහා ගෙන ඇත්තේ සුලු පිරිසක් පමනි..සියල්ලක්ම නැසෙන සුළුය .අප මරණයෙන් පසුව රැගෙන යන්නේ අප කල හොද නරක පමණි. රෑපයට මුදල් වලට කොතෙකුත් ආශවන් ඇති කල ද අවසානයේ එම සියල්ලක්ම දමා පොළවට මිහිදන් වන දුගඳ හමනා පිළිකුල්  ශරීරයක් බවට පත් වේ..එයයි ජිවිත යතාර්ථය අප යමක් උදෙසා ඇලුම් කරන්නේද එම ඇලුම් කිරිම සීමාවක් සහිත විය යුතු බව වටහා හත යුතුය..


                                                          - නිසා -

2 comments:

  1. බුදු දහමෙන් කියන්නෙත් අනිත්‍ය ගැනම තමා.

    ReplyDelete

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...