Wednesday, 23 May 2018

ළමා අවධියේ මාධ්‍ය ආක්‍රමණය






ජිවිතයේ බොහෝ දෙනාගේ සුන්දර ම අවධිය ළමා අවධියයි....දියුණු තාක්ෂණික අංගෝපාංගයන් දියුණු වීමට පෙර ළමා අවධිය ගත කළ බොහෝ දෙනා ඉතා සුන්දර ලෙස එම අත්දැකීම් විදි අය වෙති...ස්මාර්ට් ෆෝන් සංස්කෘතියේ ආගමනයට පෙර ළමා කාලය අත් විදි බොහෝ දෙනා කෙලි දෙලෙන් කාලය ගත කර ඇත්තේ සුන්දර දිය කඩිති වලය,වෙල් යායවල් වලය,ගස් වැල් සමග හාද කම් ඇති කර ගෙනය.....උණ බට තුවක්කු,කුරුම් බෙට්ටි මැෂින්,රූම් පෙති සෙලලම් භාණ්ඩ කර ගත්හ..ඇලේ දොලේ පනිමින් කෙත් යායවල් වල මඩ ගොහොරු වල කෙලි දෙලෙන් ගත කල ළමා කාලයක් ඇත්තේ සීමිත පිරිසකට පමණි...ඔවුන් වාසනාවන්ත පිරිසක් ලෙසද කිවහොත් මා නිවරදියි..


නමුත්.,,,,,, අතිතයට සාපේක්ෂව වර්තමානයේ මෙම තත්වයෙන් දුරස් වනුයේ මිනිසුන් තාක්ෂණික ආක්‍රමණයට හසු වීම්ත් සමග..ගෝලීය කරණයත් සමග මුලු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් විය.තාක්ෂණය නැතුවම බැරි විය.ළමා පරපුරද  තාක්ෂණික අංගෝපාංගයන් සදහා බොහෝ සේ ලොල් වෙමින් උපකරණන් සමග හුදෙකලා වූ ජිවිත ගත කරන අතර තම දෙමාපියන්ගේ ආශ්‍රයෙන් මිදී  ස්මාර්ට් ෆෝන්,පරිගණක  සමග අන්තර් සම්භන්ධ තා පවත්වමින් වටිනා කාලය කිසිදු පලක් ප්‍රයෝජන ක් නොමැති දෑ සදහා වැය කරති..දෙමාපියන් සමග කතා කිරිමට ද වෙලාවක් නොමැති තරම්ය..පෙර පාසල් යාමට පෙරද දරුවා ක්‍රිඩා කරන්නේ වීඩියෝ ගේම් සමගය...ඒ සදහා කුඩා කල සිට අබ්බැහි වූ බොහො පිරිස් සිටිති..ඔවුන්ගේ මනස යාන්ත්‍රිකත්වයෙන් මුදවා ගත නොහැකි වන අතර කිසිදු හැගිමක් දැනිමක් නොමැති රොබෝවරුන් බවට පත් වන්නේ නව මාධ්‍යන් ට ලොල් වීමත් සමගය....සීමාවක් සහිතව ඕනෑම දෙයක් පරිහරණය කල යුතු අතර සීමාව ඉක්මවා යෑමෙන් සිදුවන්නේ හැගීමක් දැනිමක් නොමැති යාන්ත්‍රික වූ මානසික මට්ටමකින් යුතු පිරිසක් බිහි වීම පමණි..එම තත්වය වටහා ගනිමින් බුද්ධිමත් දරු පිරිසක් ගොඩ නගා ගැනමට නම් සිමාවක් සහිත මාධ්‍ය ආශ්‍රයක් ලබා දිය යුතුය..

මාධ්‍යයේ බලපෑම්  තුලින් කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටි උදවිය ද මාධ්‍ය කෙරෙහි බොහෝ ලෙස වර්තමානය වන විට ඇලීම් ගැලීම් ඇති කරගෙන ඇති බව පැහැදිලි වේ.මෙයට ප්‍රධාන හේතු සාධකය වන්නෙ මාධ්‍ය සාක්ෂරතාව නොමැති වීමයි..නව මාධ්‍ය පමන්ක් නොව ජන මාධ්‍ය ද සිත් සතන් තුලට කා වැදී විවිධාකාර වූ වෙනස් කම් ඇතිකරනු ලබයි. කුඩා දරුවන් මාධ්‍ය කෙරෙහි ඇලුම් ගැලුම් ඇති කර ගනිමින් මාධ්‍යන් තුල අඩංගු දෑ ආරෝපණය කර ගනිමින් අනුකරණය කිරිම සිදු කරන අතර එම අනුකරණය න් යහපත් ලෙසද අයහපත් අයුරින් සිදු කරනු ලබයි. නව මාධ්‍ය න් මගින් අසභ්‍ය වූ වීඩියෝ දර්ශනයන් රූප රාමු නැරඹීමට ඇබ්බැහි වූ බොහෝ දරු පිරිස් සිටින අතර ඔවුන් ගේ සිත් තුල හට ගන්න වූ කුතුහලය මෙයට හේතු සාධකයන් වේ..අයහපත් ලෙස මාධ්‍යන් කෙරෙහි ලොල් වීමෙන් බොහෝ දරුවන් ගේ ළමා මනස විකෘති වූ ස්වාභාවයන් ට පත් ව ඇති බව පැහැදිලි වේ...

එමෙන්ම මාධ්‍ය ප්‍රචණ්ඩත්වය මාධ්‍ය  මගින් ආරෝපණය වන්නා වූ බලපෑම්  වේ...දරුවන් මාධ්‍යන් තුල විකාශනය වන්න වූ ප්‍රචණ්ඩ කාරි දර්ශන අත් හදා බැලිමට යොමු වන අතර ප්‍රචණ්ඩත්වය ආරෝපණය කර ගනිමින් නොසන්සුන් මනසක් නිර්මාණය කර ගනි.ප්‍රචණ්ඩ කාරි චිත්‍රපට,වීඩියෝ දර්ශන මගින් ප්‍රචණ්ඩත්වය මුදා හරින අතර..වර්තමාන ළමා කාර්ටූන් වල පවා ප්‍රචණ්ඩත්වය අන්තර් ගත වී ඇති අතට එය නරඹන්නා වූ කුඩා දරුවන් ගේ හැසිරීම් උද්වේගකර වේ..කුඩා මනස ළමා අවධියේ සිට නොරිස්සන නොසන්සුන් කාරි ස්වාභාවයකින් යුක්තව කටයුතු කරනු ලබයි..

ගොලියකරණයත් සමග වෙනස් වන්නා වූ නව ලෝකයට මාධ්‍ය නැතුවම බැරි තත්වය ක් නිර්මාණය වී ඇති අතර ජනමාධ්‍ය ,නව මාධ්‍යන් මගින් මුලු ලෝකයම එක් තැනකට  ගොනු කරගැනිමේ සුවිශේෂී වූ හැකියාවක් ප්‍රතිනිර්මාණය වී  ඇත ...එම සුවිශේෂී තාව සීමා සහිත ආශ්‍රයකින් යුතු ව මාධ්‍ය ආශ්‍රයක් දරුවන් හට ලබා දිමට අප සැම වග බලා ගත යුතුය..



                        -ආර්.කේ.ආර්.එන් දිසානායක -

                       

6 comments:

  1. අතීතය හා වර්තමානය ගත් විට හාත්පසින් වෙනස් යුග දෙකක් වන අතර මෙම යුග දෙකෙහිම ආභාශය ඇසුර මා හට ලැබී ඇත. අප කුඩා කල ගත කල සමයට වඩා අද වන විට තාක්ෂනය ඉතා සීග්‍ර වර්ධනයකට ලක්ව ඇත. එම නිසා අද වන විට ළමුන්ගේ ක්‍රියාකාරකම් ද තාක්ෂනය සමගින් සිදුවීම විමතියට කරුණක් නොවන අතර මන්ද මේ වන විට ඔබ ඔය පවසන කුරුම්බැට්ට් ‍යුගයෙනුත් එහා සිටි මහලු පිරිස් පවා ස්මාර්ට් ෆෝන් භාවිතය ෆේස්බුක් වැනි සමාජ මාද්‍ය භාවිතය බහුලව දැකිය හැක. තත්වය කුමක් වුවද ලෝකය ඉදියට යාමත් සමග මාද්‍යද ඉදිරියට නොගියානම් ඔබද බ්ලොග් අඩවියක හිමිකාරියක් නොවන්නට ඉඩ තිබුනි. විවිද කෝණ වලින් බලන විට මෙය විවිදාකාරයෙන් දැකිය හැක. මෙය හුදෙක් මාගේ අදහස පමණි. පැරනි සිරිත් විරිත් සංස්කෘතිය ‍රුකගැනීමට ඔබ මෙන්ම මමද කටයුතු කරමි.

    ජය. ����

    ReplyDelete
  2. අද අප ජීවත්වන්නේ 21වන ශතවර්ෂයේ ය.මේ යුගය තුළ මාධ්‍ය යනු සුලබ දෙයකි .එය අපට පමණක් නොව දරුවන්ට ද අදාළ ය.නමුත් සංහතික මාධ්‍ය ආක්‍රමණය හේතුවෙන් දරුවන්ට සිදුවන බලපෑම අද වැඩි වී ඇත .ඇමරිකානු එක්සත් ජනපදයේ පෙරපාසල් සමය සිට උපාධිය ලබන තෙක් අපරාධ 8000ක් හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම් 1000 පමණ රූපවාහිනීයෙන් නරඹා තිබේ 1985 ,American Pshycholplogical Association විසින් රූපවාහිනී දර්ශන දරුවන් චන්ඩ හැසිරීමකට යොමු කිරීමට හෙත්තුවන බව පවසන ලදී .මාධ්‍ය ආක්‍රමණය නිසා දරුවන්ට විවිධ බලපෑම් සිදුවේ .නමුත් අද වනවිට මාධ්‍ය දරුවන් ගෙන් ඈත් කර තැබිය නොහැකි ය .මන්ද එයින් විශාල ප්‍රයෝජන අත්වන නිසා ය .මාධ්‍ය ආක්‍රමණය නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵල අවම කිරීමට දරුවන්ට මාධ්‍ය සාක්ෂරතාව ලබාදිය යුතුය .

    ReplyDelete

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...